Create With Purpose

Adobe Youth Voices Develops the technology skills among youth, providing cutting edge tools and breakthrough learning experiences from creating video, multimedia, digital art, web, animation, and audio to express their voices in society and prepare for 21st centery employment with critical thinking, innovation, collaboration and communication skills. more

July 15, 2012

වැරදි මමම තමා ...



උසස් පෙළ තොරතුරැ තාක්‍ෂණය හා මාධ්‍ය හදාරන යෞවනයකු ව්‍යාපෘතියකට මාධ්‍ය ආවරණයක් කරන්න ගියා.යෞවන මාධ්‍ය නිර්මාණකරණ තරඟාවලියකටයි එයා ගියේ. යෞවනයාට ඒක අළුත්ම අත්දැකීමක් උනා. එයා දැක්කා හොඳම හොඳ වැඩක් වෙනවා. දුර පළාත් වලින් ආව යෞවන යෞවනියෝ එකතුවෙලා ලස්සන නිර්මාණ කරනවා. නාට්‍ය රඟපානවා. යෞවනයාට මාධ්‍ය ආවරණය කරගන්න යාලුවෝ හූඟක් උදව් කලා. කැමරාවට නිළධාරීන්ගේත්, ආපු ගුරැවරැත්, ළමයින්ගේත් අදහස් එකතු උනා. මාධ්‍ය ආවරණ වැඩේ අලුත්ම දෙයක්, ලොකු පොඩි හැමෝම සතුටු උණා.

වැඩේ අවසාන වෙලා ආපසු එන්න යනකොට කවුදෝ කෙනෙක් යෞවනයාගේ මාධ්‍ය ආවරණය ගැන පැමිණිලි කරලා. නිළධාරියෙක් සහායිකාවක් එක්ක ආවා. "යන්න එපා මට ඔය වීඩියෝ කරපු ටේප් එක දෙන්න" ඔහු කීවා. ඉක්මනටම දුරකතනයෙන් කථා කළා. "අපි අල්ලාගන ඉන්නේ ඉක්මනට එන්න සර්" ඔහු කීවා. "ඔයාලා ළමයි වීඩියෝ කළාලු, මට පැමිණිල්ලක් ආවා".

"නිර්මාණ කරපු හැමෝම කැමත්තෙන් මාධ්‍ය ආවරණයට සහභාගී උනේ කැමරාවට තමන් කළ දේ කියන්න. ගුරැවරැත් කැමරාවට කතා කළා. අපි මේක සංවිධානය කරපු කෙනා එක්ක කතා කරලා ආවේ"

නිළධාරියා ජංගම දුරකතනයෙන් අයෙකුට කතා කලා. "එයා ඔයාලව අඳුරන්නේ නෑලු අවසර දීලත් නෑලු". යෞවනයාට දෙලෝ රත් උනා. ඊ ළගට ආවේ කැමරාවට අදහස් ප්‍රකාශ කල නිළධාරියෙක්. යෞවනයා එයාට පිංසෙන්ඩු උනා. "අර සර් නේ ඔය සර් ගාවට අපි එක්කරගන ආවේ". "මමත් දන්නේ නෑ.. එයා කවුද? මෙතනට ඔයාලට එන්න එයාට අවසර දෙන්න බෑ". හැම දෙයක්ම විනාඩියකදී කණපිට හැරිලා වෙනස් වෙලා. "මම යෞවනයන්ගේ දක්‍ෂකම් මිස වෙනත් දෙයක් කැමරාවට අරන් තිබුනේ නෑ". යෞවනයා තවත් අසරණ උණා. එයාට මතක් උනා ගුරැවරැ ආසාවෙන් බලාගන ඉද්දි කැමරාවට ඉස්සෙල්ලාම කතා කරපු ළමයි.

තවත් ඉහල නිළධාරියෙක් ආවා. "ඔය මාධ්‍යරැප කැමරාවෙන් වහාම මකා දාන්න, ඔයාලා වාචිකව එකඟ වෙලා ආවාට අවසර ලිපියක් නෑ.. ඒ නිසා ඉඩ දෙන්න බෑ" ඔහු තදින්ම කීවා. "ඕවා මකලා දාමු" යාලුවෙක් කීවා.

යෞවනයා එකෙන් එක තමන්ගේ ප්‍රථම මාධ්‍ය ආවරණයේ කොටස් මකාදැමුවා. මාධ්‍ය උගන්නන ගුරැවරැත්, ළමයිත්, නිළධාරීනුත් එයා වටේටම. සියල්ල මකන තුරැම හැමෝම බලා හිටියා. කවුරැවත්ම කථා කළේවත් නවත්තන්නවත් හැදුවේ නෑ. යෞවනයාට කඳුලකුත් වැටෙන්න ඇති. කාටවත් පෙනුනේ නෑ. ඒ නිර්මාණ ටික බලන්න කාටවත්ම ලැබුණේ නෑ.

යෞවනයාට හුඟක්ම දුක හිතුනේ වීඩියෝ එක හැදුවාම බලන්න ආසයි කියපු ළමයි ගැන. කවදාහරි හම්බුවෙන දවසක එයාලා අහයි කෝ අපේ වීඩියෝ එක කියලා. ඒක මටම මකන්න උනා හදන්නත් කලින් කියන්නේ කොහොමද? මම කඩදාසි ගැන පාඩමක් ඉගන ගත්තා කියන්නයි වෙන්නේ. යෞවනයන්ගේ නිර්මාණයක් මකාදමන්න කඩදාසියකට පුළුවන් උනේ කොහොමද කියා යෞවනයාට හිතුණා. "සොරි, මාත් එක්ක තරහා වෙන්න එපා, මටයි පැමිණිල්ල කළේ. මාත් බේරෙන්න එපායෑ" නිළධාරියා හිමිහිට යෞවනයාට කිව්වා.

යෞවනයාට වැඩිහිටියෝ ගැන දුක හිතුනා.

මේ කථාව අහගෙන හිටපු ගුරැවරයෙක් කිව්වා "මේක ඔයාට හොඳ මාධ්‍ය අත්දැකීමක්" කියලා. බිම බලාගන හිටපු යෞවනය අහස දිහා බැලුවා. " ඔව් මම මේ මාධ්‍ය අත්දැකීම කෙටි චිත්‍රපටියක් කරනවා හිතේ තියන රැපරාමු වලින් යෞවනයා හිතින් තමන්ටම කිව්වා."

චිත්‍රපටියේ නම : "වැරදි මමම තමා"

1 comment:

  1. හිඃ හිඃ හිඃ යෞවනයෝ ඔන්න හිනා වෙනවා.

    ReplyDelete